මෙම වස්තු මඟින් (තාරකාවක් හෝ ග්‍රහලෝකයක්) අවකාශයේ ඇති කරන වෙනස්කම් නිසා ආලෝකයේ දිශාව වෙනස් වීමකට ලක් වෙනවා. එනම්, ආකාශ වස්තුවල ගුරුත්වය නිසා ආලෝකය නැවී ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එවිට ආලෝකය නාභිගත වීමේ සම්භාවිතාවක් ද තිබෙනවා. මෙය කාචයක ක්‍රියාව ට සමාන කළ හැකි යි. අප ට අත් කාචයක් තිබේ නම් සූර්යයා ගෙන් පැමිණෙන ආලෝක කිරණ කඩදාසියක් මත නාභිගත කරන්න පුළුවන්. ඉතා දීප්තිමත් ආලෝක ලපයක් සේ පෙනෙන්නේ මේ නාභිගත වූ ආලෝකය යි.  "Gravitational microlensing"වල දී සිදුවන්නේත් එවැනි ක්‍රියාදාමයක්.

  "A" යනුවෙන් හැඳින්වෙන දුරස්ථ තාරකාවකින් විහිදෙන ආලෝක කිරණ සළකන්න. මේ ආලෝක කිරණ බොහෝ දුරක් ප්‍රචාරණය වෙමින් තිබෙන විට "B" නමැති තවත් තාරකාවක්  මුණ ගැසෙනවායැ යි සිතමු. අපි මුලින් සඳහන් කළා ආකාශ වස්තුවක ගුරුත්වය නිසා අවකාශයේ වෙනස්කමක් නැත්නම්, වක්‍ර වීමක් සිදු වෙනවා කියලා. මේ වක්‍ර වීම හේතුවෙන් ආලෝකයේ දිශාව වෙනස් වී නාභිගත වීමක් ද සිදුවිය හැකි යි.

සුළු අපගමනය බහිර් ග්‍රහලෝකයක පිහිටීම ගැන ඉඟි සපයනවා- exoplanets.nasa.gov 

 "A" තාරකාවෙන් නික්මෙන ආලෝකය, "B" තාරකාවේ ගුරුත්වය හමුවේ නාභිගත වීම නිසා නීරික්ෂකයාට "වෙනස් වන දීප්තියකින්" එම සංසිද්ධිය නිරීක්ෂණය කළ හැකි යි. කාචයක් මෙන් ක්‍රියා කරන "B" තාරකාව නිරීක්ෂකයා ගෙන් ඉවත් ව ගිය පසු දුරස්ථ "A" තාරකාවේ දීප්තියත් පහත වැටෙනවා.   

මෙලෙස “B” තාරකාව කාචයක් ලෙස ක්‍රියා කරමින් නිරීක්ෂකයා පසුකර යන විට "B“ වටා කක්ෂගත වූ ග්‍රහලෝකයක් ඇත්නම්, නිසි ලෙස ස්ථානගත කර ඇති අභ්‍යවකාශ දුරේක්ෂයක ට එම ග්‍රහලෝකය නිරීක්ෂණය වනු ඇති. නමුත්, ඒ එක ක්‍රමයක් පමණ යි.

 "A" තාරකාවේ ආලෝකය, "B" තාරකාවේ ගුරුත්වය හමුවේ නාභිගත වීමෙන් පසු "B" තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකයේ ගුරුත්වය නිසා නැවතත් සුළු කාලයකට නාභිගත වෙනවා. එවිට දෙවැනි වතාවටත් ක්ෂණික දීප්තියක් අපේක්ෂා කළ හැකි යි. ඒ සුළු අපගමනය බහිර් ග්‍රහලෝකයක පිහිටීම ගැන ඉඟි සපයනවා. 5.2 රූපය දෙස බලන්න, ඔබට වැටහේවි. බැලූ බැල්මට ම මෙහි දී “A” තාරකාවේ ආලෝකය, බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා "ඇමක්" ලෙස ක්‍රියා කරනවා.

බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා සෘජු නොවන ක්‍රමවේද නිරතුරුව ම දියුණු කිරීමට විද්‍යාඥයන් උත්සහ කරනවා. ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වූයේ ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන ක්‍රමවේද කිහිපයක් පමණ යි.

කවරයේ ඡායාරූපය: බහිර් ග්‍රහලෝක සෙවීමේ මෙහෙයුම් වෙනුවෙන් කැප වූ දුරේක්ෂ බලකාය. මේවායින් ඇතැමෙක් දැන් විශ්‍රාම ගිහින්. තවත් අය නුදුරු අනාගතයේ දී සේවයට පැමිණීමේ අපේක්ෂාවෙනුත් පසුවෙනවා - nasa.tumblr.com/

මූලාශ්‍ර:

 exoplanets.nasa.gov

www.smithsonianmag.com

https://exoplanets.nasa.gov