දිමිත්‍රි මෙන්ඩලීව්


     1834 වර්ෂයේ රුසියාවේ සයිබීරියාවේ උපත ලද දිමිත්‍රි මෙන්ඩලීව් රසායන විද්‍යා උපාධිධාරියෙකි.ඔහු 1866 දී ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය පදවිය ලබා ඉන් අවුරුදු තුනකට පසුව ආවර්තිතා වගුවේ (periodic table)ප්‍රථම මුද්‍රණය පළකළ අතර ආවර්තිතා වගුවේ පරමාණුක අංක ඒ කාලයේ කිසිවෙකු විසින් දැනගෙන නොතිබුණේ ය.ඒ නිසා යම් යම් ස්ථානවල හිස්තැන් තිබුණේය.මේ සම්බන්ධයෙන් අනාවැකියක් ප්‍රකාශ කළ මෙන්ඩලීව් අනාගතයේ ලොව පහළ වන විද්‍යාඥයින් මේ ගැන පරීක්ෂණ පවත්වා එම දැනුම උපයෝගී කොට ගෙන මෙම හිස්තැන් සම්පූර්ණ කරන බව ප්‍රකාශ කර සිටියේය.එය එලෙසම සිදුවිය.එම මූලද්‍රව්‍ය පිළිබඳව කරුණු අනාවරණය වී මෙන්ඩලීව් හිස්ව තිබූ තැන් අනුපිළිවෙළට සම්පූර්ණ කළේය.එලෙස එම අනාවැකිය නිවැරදි වූ නිසා ඔහුට මහත් කීර්තියක් ලැබුණේය.මේ අනුව ආවර්තිතා වගුව නිර්මාණය කොට ඔහු රසායන විද්‍යාවට කළ අමිල මෙහෙවර නිසා 101 වන පරමාණුක අංකය හිමි මූලද්‍රව්‍ය මෙන්ඩලීවියම් යනුවෙන් නම් කළේය.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post