ක්‍රි.ව 1642 එංගලන්තයේ ලින්කන්ෂයර් කෝරලයේ ගොවි පවුලක උපත ලැබූ අයිසෙක් නිව්ටන් මෙලොව එළිය දැකීමට පෙර තම පියා මිය ගියේය.එනිසා ඔහු ළමා කාලය ගෙව්වේ මෑණියන්ගේ රැකවරණය යටතේය.පසුව ගමේ පාසලෙන් අධ්‍යාපනය ලද හෙතෙම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.ගණිත,මිණිත,ජ්‍යාමිතිය වැනි විෂයන් කෙරෙහි විශිෂ්ඨයෙකු වූ මෙතුමා පසුව එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය තනතුරක් ද ලබා ගත්තේය.
ලොව ප්‍රථමයෙන්ම ගුරුත්වාකර්ෂණ බලය පිළිබද මතය ඉදිරිපත් කරන ලද්දේ අයිසෙක් නිව්ටන් විසිනි.තම නිවසෙහි එළිමහනේ සිටිනා විට ගසකින් ගිලිහුණු ඇපල් ගෙඩියක් බිමට වැටෙනු ඔහු දුටුවේය.එසේ වීමට හේතුව ලෙස,පොළොව දෙසට යම් දෙයක් ඇද ගැනීමේ බලයක් තිබෙන බව නිගමනය කළ නිව්ටන් පෘථිවිය විසින් සෑම දෙයක්ම තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ බලය ගුරුත්වාකරෂණ බලය ලෙස නම් කළේය.
නිිව්ටන් විසින් ආකාශ වස්තූන්ගේ හැසිරීම පිළිබදවද බොහෝ දෑ ප්‍රකාශ කළේය.ඒ අනුව චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වන්නේ කක්ෂගතව පිහිටීමෙනි.චන්ද්‍රයා කෙරෙහි දක්වන ගුරුත්වාකර්ෂණ බලය නිසා යැයි ඔහු ප්‍රකාශ කළේය.
මේ අසහාය විද්‍යාඥයා රුව බ්‍රිතාන්‍ය පවුම් නෝට්ටුවෙහි මුද්‍රණය කොට තිබේ.මෙලෙස විද්‍යාව මානව වර්ගයාගේ හිත සුව පිණිස යොදාගත් මෙම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා අවුරුදු 84 ක් ආයු වළදා 1727 වර්ෂයේදී අභාවප්‍රාප්ත වුවත් ඔහුගේ ශ්‍රී නාමය අදටත් අමරණීයයි.