6. චන්ද්‍ර බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර 

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ කාන්තා ඇමතිවරියක් සහ මන්ත්‍රීවරියක් වුණු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පියාගේ උරුමය එක්ක. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ චන්ද්‍ර බණ්ඩාර මහතා ඇගේ පියායි. කෙසේ වෙතත් දේශපාලනය තුළ ඇය තම පියාටත් වඩා සාර්ථකත්වය කරා ගිය බව නම් කිව යුතුයි. කෙටි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධානවල ඉහළ නිලතල වලට පත් වීමට මෙන්ම ඉදිරිපත් වුණු සෑම මැතිවරණයකින් ම පාහේ ජයග්‍රහණය කරමින් කැබිනට් අමාත්‍ය ධුර දැරීමට පවා ඇයට හැකියාවක් ලැබුණා.

 

7. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 

වර්තමාන දේශපාලන ලෝකය උඩු උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච තැනැත්තියක් විදියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව හඳුන්වන්න පුළුවන්. ඇය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පියාගේ ඝාතනයට සාධාරණය ඉෂ්ට කරන්න. ඒ සඳහා ඇය බෙහෙවින් උපායශීලී වෙනවා. පළමු වතාවේදී ඇය මහින්ද රාජපක්ෂ මහතා හරහා තම පියාගේ ඝාතනයට සාධාරණය ඉෂ්ට කිරීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවුනු තැන විපක්ෂයට එක් වී අවසානයේ දී තමාගේ පියාගේ ඝාතනය සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් ලබා ගැනීමට සමත් වුණා. මේ නිසාම දේශපාලන ලෝකය තුළත් ඇය ආන්දෝලනාත්මක චරිතයක්.

 

මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් පිය දියණි දේශපාලන උරුමයන් තියෙන්නෙ පුළුවන්. ඒ අය ගැන ඔබට කමෙන්ට් එකකින් කියන්න පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.