නැදුම්ගමුවේ රාජා දිවියට සමුදෙයි

 


මහනුවර  ශ‍්‍රී දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම 13 වසරක් සිදු කරන ලද සිදු කරන ලද නැදුන්ගමුවේ රාජා හස්තියා අද අලුයම මියගොස් ඇත.

හස්තියා මිය යන විට අවුරුදු 69 ක් විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හස්තියාගේ හිමිකරු හර්ෂ ධර්මවිජය මහතා පවසයි.


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක්,ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.

මියයන විට 69 වයසේ පසුවූ රාජා හස්තියා , කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි බවත් ඊයේ දවස පුරා කිසිදු කෑමක් නොගෙන සිටීම මත සුපරීක්ෂාවෙන් සිටියදී අද උදෑසන එක්වරම ඇද වැටීමෙන් මරණයට පත්වූ බවත් වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

ආසියාවේ විශාලතම හීලෑ ඇතු ලෙස සැලකෙන රාජා හස්තියා, 1953 වර්ෂයේදී ඉන්දියාවේ උපත ලබා ඇති අතර එරට ධනකුවේරයකුට ප්‍රතිකාර ලබාදීම පිනිස එරටට ගිය පිළියන්දල නීලමහර වෙද හාමුදුරුවන්ට ත්‍යාගයක් ලෙස ලැබී ඇති මෙම හස්තියා , පසුකලෙක හර්ෂ ධර්මවිජය මහතාගේ පියාණන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව මිය යන තෙක්ම නැදුන්ගමුව වෛද්‍යාචාර්යවරයා රැකබලා ගැනීම සිදු කළේය.

රාජා මියයාම සැලවීමත් සමග මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර මහතා අද උදෑසන පැමිණ දැකබලා ගත් බව ධර්මවිජය පැවසීය.

මේ අතර මෙම සිදුවීම සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුරකථනයෙන් වෛද්‍යවරයාට කතාකොට ශෝකය පළ කොට ඇත.

මෙම හස්තියා වසර 25 ක පමණ කාලයක් රැකබලාගත් විල්සන් කොඩිතුවක්කු මහතාද රාජා මියයාමෙන් දැඩි ශෝකයට පත්ව සිටින අතර මහනුවර ඇතුලු සෑම පෙරහරක් සදහාම හස්තියා පාගමනින් රැගෙන ගියේ මොහුය.








මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post