නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

 


ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුව වැඩම කර වූ මියගිය, නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.



ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබා දුන් බවයි.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්ති රාජයා සිටි වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටින බව ද අදාළ නිවේදනයේ  සඳහන්  වේ.

මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69 කි.

1953 වසරෙහිදී උපන් නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස ගෞරවයට පාත්‍රවෙමිනි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post